අවසන් මැදිරියේ හුදෙකලාවක...












කාත් කවුරුවත් නැති 
අවසන් මැදිරියේ අසුනක
හුදෙකලා මිනිසෙකු වෙමි මම
මන්දගාමී ගමනක ය දුම්රිය...

හරස් පිවිසුම් පසුකර
වෙල් දෙණි කුඹුරු පසුකර
නොවරදවා ම නවතයි
සෑම නැවතුම්පලක ම..... 

කළුවර බිංගෙවල් අබියස
අතීතය හැපෙයි දෑසෙ හි
දරන්නට වත් අපහසු
සීතල රැඳෙයි දෑතෙහි....

සිතුවිලි සිල්පර කොටන් මත
දුම්රියක් වී ඇදෙයි මතකය
මැදිරියෙන් මැදිරිය පුරුදු මුහුණැති
මිනිසුන් පිරියයි එක වර...

කාත් කවුරුවත් නැති
අවසන් මැදිරියේ අසුනක
හුදෙකලා මිනිසෙකු වෙමි මම
මන්දගාමී ගමනකය දුම්රිය. 

Comments

Post a Comment

Popular posts from this blog