අප්පච්චී...
වැසි වැටී
ගං ජලය
පිරුණු දාට....
ඇද-කුද නොපෙනී
ගලයි ගඟ
හරි අපූරුවට
ඒත්.......
ඉඩෝරටයට හසුව
ගඟ සිදී ගිය කලට
පෙනෙයි ඇද-කුද
සැමට හරි අපූරුවට
අප්පච්චියේ.....
වන්නේය නුඹත්
දිනක සිඳී යන
ගංගාවක් විලස
එහෙත්...
අප වෙනුවෙන්
නුඹේ ළය තුළ උපන්
දාරක සෙනෙහසට
කෙලෙස උපමා
තනන්නද?
සක්විති නුඹයි
මෙමට......
දිවි ඇති තෙක්ම
සිතෙහි බබළන.
Great 😍👌
ReplyDelete😍Great
ReplyDelete🥰🥰❤️❤️❤️
ReplyDeleteWords ❤️🥺
ReplyDelete❤❤
ReplyDelete