Posts

Image
  දේදුණු දියැව ඇස අග තේත් වෙනවද? මේකුළු වැහි ලකුණු ගැන පවසනවාද? පාලුව සුළඟ සමගින් පැමිණෙනවාද? පෑරුණු හදට සෙත් කවි මුමුණනවාද?     සරසවි මගේ රොබරෝසිය මලින් මල නො පෙනේ මුදුන හැඩිදැඩි ගොඩනැගිලිවල.... ඇහිඳිමි තක්සලාවේ සිප් සතර බල සති අන්තය බොදවී යයි කඳුළුවල     එළිය ඔබ ගන්න මට පුරුදුයි අඳුර සොඳුර නුඹ මුහුණ මට සිහිවෙයි නිතර.... පඳුරු ලලා බිම වැටෙනවා සඳ වතුර කවුරුන්වත් ලඟින් නැති ගනඳුර අතර.
Image
 අවසන් මැදිරියේ හුදෙකලාවක...
Image
  අරමුණ .
Image
අමාවක බලාපොරොත්තුවක්..
Image
                                            අප්පච්චී... වැසි වැටී ගං ජලය  පිරුණු දාට.... ඇද- කුද  නොපෙනී ගලයි ගඟ හරි අපූරුවට ඒත්....... ඉඩෝරටයට හසුව ගඟ සිදී ගිය කලට පෙනෙයි ඇද-කුද සැමට හරි අපූරුවට අප්පච්චියේ..... වන්නේය නුඹත් දිනක සිඳී යන ගංගාවක් විලස එහෙත්... අප වෙනුවෙන් නුඹේ ළය තුළ උපන් දාරක සෙනෙහසට කෙලෙස උපමා තනන්නද? සක්විති නුඹයි මෙමට...... දිවි ඇති තෙක්ම සිතෙහි බබළන.
Image
                      බේබද්ද ආදරය හරි අමුතුයි සුදූ... ලෝබ හිතෙන  සෙනහසක්... ආස හිතෙන එකතුවක්... ඒත්........... සිත රිදෙන තැන්  බෝමයි.... නෙත් තෙමෙන තැන් බෝමයි.... ඉවසපන් මගේ දේවියේ.. නුඹයි මගේ  පත්තිනී......... දන්නවද? මගේ අඩුපාඩුකම් බෝමයි.. බේබදුකමත් හරිම සාරයි අනේ මං දන්නවා මගෙ සාමිනේ.... සමාව දීපන්  මම උඹට හරි ලෝබයි.......... උපතින්ම කරුම ජීවිත උඹත් අවා ඒ....... කරුමෙට කර ගහන්න  ඒත් උඹ දන්නවද උඹයි මගේ සම්පත...... බේබද්ද..........  
Image
                               ගැහැණිය...                                                                                                          සියල්ල වෙනස්වන බව                               දැන දැනත්  පැතුවෙමි නොවෙනස්වන ප්‍රේමයක්  ... එහෙත් ඔහු............. දිවුරා ප්‍රේමයේ නමට කිලිටි කෙරුවෙමි එම උත්තරීතර නාමය ද? ඇබ්බැහි උවත් මතට මන්ද? ඇබ්බැහි නොවුනේ ප්‍රේමයට... වෛශ්‍යාවක ලෙසට විකුණන විට මා සලලුන් හට  කිමද නොසිතුවේ මා............ නුඹ නමින් ජාතක  දරුවන් තිදෙනෙකු වැදූ මවක බව... වෛරයෙන් තොර ප්‍රේමයට තනන්නෙමි ප්‍රතිබිම්බයක්  නොකරන්නෙමි වෛරයක් ...