අමාවක බලාපොරොත්තුවක්..

අදුරට ඔච්චම් කර කර 
හැංගෙද්දී......                                                             
සුළග මුමුණනවා ඇහුනා මටත්
අද උදුවප් පෝයලූ...
මට මතක් උනා හැමදාම පෝයට හද
හිනාවුනු හැටි හරි ලස්සනට.... 
ආඩම්බරකම බේරී බේරී පිං පාටට
පෝයට බැලෙන හද බලන්න 
ආශාවක් ආවා හිතට කවදාවත්ම 
නැතුව....
බෝ මලුවට ගියානම් විදින්න තිබුණා
ඒ ලස්සන,හිත කිව්වෙම එහෙම
ඉතින්....
සුදු ඉද්ද වට්ටියකුත් නෙළාගෙන මම
ගියා පන්සලට
ඕනි උනේම බෝ මළුවේ ඉදගෙන 
විදින්න හදේ නිහඬ ලස්සන
පුදුමයි....
අමතක වෙලාවත්ද හදට අද පෝය
කියලා...
අහස දිහා බැලුවම මට හිතුනෙම
එහෙම....
හද තියා එක තරුවක් වත් නැති පාලු
අහසක්.....
බෝ මළුවට ගෙනාවෙම හරි මූසල
හැගීමක්.....
බෝ මළුවෙ පැත්තක අහිංසකම
බලාපොරොත්තුවක් එක්ක,
මමම පත්තු කරපු පහන් ආලෝකය
මම දිහා බලාගෙන හරි ලස්සනට
හිනාවුනා
එයාටත් ඉක්මනටම හිනාවෙන්න 
පුලුවන් වෙයි කියන්න වගේ.


Comments

Post a Comment

Popular posts from this blog